30 C
Colombo
Thursday, November 14, 2024

මාතර වෙරළ මාර්ගයේ රථවාහන ධාවනය කිරීම ගැන දැනුම්දීමක්

- Advertisement -

2024 මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, එළැඹෙන නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර රාහුල විද්‍යාලයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.

එබැවින් මැතිවරණය වෙනුවෙන් වන ආරක්ෂක හා රථවාහන සැලැස්ම අනුව 12 වන දින ප.ව. 2 සිට 13 වන දින මධ්‍යහන 12.00 දක්වා ඡන්ද පෙට්ටි අදාළ මධ්‍යස්ථාන දක්වා පිටත්කරන කාලය තුළ මාතර වෙරළ මාර්ගයේ රණවිරු වටරවුම සිට එළියකන්ද දක්වා වන මාර්ගයේ රථවාහන ගාල් කිරීම සිදුවන බවයි.

මේ හේතුවෙන් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මාතර දෙස සිට කතරගම දෙසට හා කතරගම දෙස සිට මාතර දෙසට ධාවනය කරන වාහන අළුත් තංගල්ල පාර හා පරණ තංගල්ල මාර්ගය ඔස්සේ ධාවනය කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි...

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

POPULAR ARTICLES