30 C
Colombo
Thursday, November 14, 2024

වැඩබලන පොලිස්පති චුන්නාකම් ගිහින් පැය දෙකෙන් ඕඅයිසී මාරු ; තවත් හතර දෙනකුගේ වැඩ තහනම්

- Advertisement -

යාපනය චුන්නාකම් නව පොලිස් ගොඩනැගිල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතින් විවෘත කරලා පැය දෙකකට පමණ පසු එම පොලිස් බල ප්‍රදේශයේ රියඅනතුරක් ඊයේ (09) සිදුව තිබෙනවා.

වෑන් රථයක් සුරාගෙන යතුරුපැදියක් ගමන් කර තිබෙනවා මේ සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු විමසිමේදී තමා පොලිසියේ බව පවසා හැඳුනුම්පත පෙන්වමින් යතුරුපැදි කරු කෑගසා තිබෙනවා.

මෙම සිදුවිම වෑන් රථයේ සිටි කාන්තාව විසින් ජංගම දුරකථනයෙන් විඩියෝ කර තිබෙන අතර ජංගම දුරකථනය උදුරා විසි කර කාන්තාවට පහර දීමට උත්සහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ කාන්තාව අත වයස අවුරුදු දෙකක කුඩා දරුවකුද සිට තිබෙනවා.

මෙම සිදුවිම එම ස්ථානයෙන් ගමන් කළ හිටපු පාසල් ගුරුවරයකු වන නඩේසමූර්ති නවනීසන් විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරිමේදී චුන්නකම් පොලිසියේ ත්‍රීරෝද රථයකින් සිවිල් පිට පැමිණි පොලිසියේ දෙදෙනෙක් නවනීසන්ගේ ජංගම දුරකතනය පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් දරුවා වඩාගෙන හිටපු මව ප්‍රකාශ කළේ පොලිසියේ පිරිස දරුවා උදුරාගෙන විසිකිරීමට තැත් කළ බවයි.

පසුව පොලිසිය නීති විරෝධීව මව, දරුවා, සහ රියදුරු අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගොස් පැය කිහිපයක් රඳවා තබාගෙන සිටි බවට වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වූ වහාම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන විමර්ශනයක් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දුන්නු උපදෙස් මත පැවැත්වූ මූලික විමර්ශනයකින් පසු චුන්නාකම් පොලිස් ස්ථානාධිපති ස්ථාන මාරු කර පොලිසියේ හතර දෙනකුගේ වැඩ තහනම් කරීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවිම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ මෙම සිදුවිම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු සඳහන් කළේ මෙම පොලිස් නිලධාරීන් හතර දෙනාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවයි.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

ඊශ්‍රායලය ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් සිය පුරවැසියන් ට නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා....

POPULAR ARTICLES