30 C
Colombo
Thursday, November 14, 2024

මහ මැතිවරණයේ පැමිණිලි ඉහළට

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊයේ (09) දිනය තුළ ද පැමිණිලි 232ක් ලැබී තිබෙනවා.

ඒ අනුව මැතිවරණයට අදාළව ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,580ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් ද ඒ අතර වන බව සඳහන් වනවා.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලි අතරින් 1999ක් මේ වන විට විසඳා ඇති අතර තවත් විසඳීමට ඉතිරිව ඇත්තේ පැමිණිලි 581ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන් වාර 10ක් අවලංගු කෙරේ

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි...

අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද (14)දින...

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ...

POPULAR ARTICLES