29.2 C
Colombo
Friday, November 22, 2024

මොස්කව් හි ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමේ

- Advertisement -

යුක්‍රේනය අද (10) එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගුවන්තොටුපොළ තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 2022 වසරේ දී රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව යුක්‍රේනය විසින් සිදුකළ විශාලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බවයි.

ඩ්‍රෝන යානා 32ක් යොදාගනිමින් යුක්‍රේනය මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර රුසියානු ආරක්ෂක අංශ විසින් ඒවා බිම හෙළීමට කටයුතු කර තිබෙනවා.

උද්ගත වූ තත්ත්වය හමුවේ මොස්කව්හි අවදානම් ප්‍රදේශවල පිහිටි ගුවන්තොටුපොළ 03ක කටයුතු තාවකාලිකව නතර කර ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ඩ්‍රෝන ප්‍රහාර හමුවේ එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද රුසියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෝමික උඩුගමසූරියට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක්

අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්. ඩී. ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස...

ලක්සඳ නිවාස සංකීර්ණයේ ගින්නෙන් දැඩි හානි

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ගින්නෙන් ඇති වූ...

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

POPULAR ARTICLES