28.6 C
Colombo
Thursday, November 14, 2024

පියුමිටයි තාඹුගලටයි එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග

- Advertisement -

නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (11) නියෝග කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් අද නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා.

දේශීය අදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව එම දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදුකර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනු කර තිබුණා.

මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛණ පරීක්ෂා කිරීම සඳහා එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බවත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියා.



RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා. ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර...

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES