28.6 C
Colombo
Thursday, November 14, 2024

කෙහෙළියගේ කුණු පරණ කැබිනට් එකටත් ගෙවන්න වෙලා

- Advertisement -

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධයෙන් පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.

මේ අතර බාල එන්නත් ගෙන්වූ සිදුවීම සම්බන්ධයෙන් සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා තවදුරටත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාගරගත කරන ලෙසද මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කොට තිබුණා.

බන්ධනාගාරය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට කටයුතු කළ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටියා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,සෞඛය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඇතුළු සැකකරුවන් පිරිසක් මීට පෙර ඇප මත මුදා හැරිමට කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්​භ කර තිබෙනවා. මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණා.

දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කෙරෙමින් තිබෙනවා. ඒ අනුව කොළඹ 65%යි, නුවරඑළිය 68%යි, කුරුණෑගල 64%යි, මඩකලපුව 61%, මාතර...

ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට

අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES