30 C
Colombo
Sunday, October 6, 2024

චන්දිමාල් සහ පියුමිගෙන් මානව හිමිකම් කඩ වූ බවට පැමිණිල්ලක්

- Advertisement -

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු තවත් 21 දෙනෙකු බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙනයාමේ තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට සූදානම් වනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට පත් වූ අතර අධිකරණය විසින් ඇප මත මුදා හැරීමෙන් පසු බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීමෙන් පසුවත් ෂැංග්‍රිලා හෝටලයේ සාදවලට සහභාගී වූ පිරිස් නිවෙස්හිම නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවයි.

පියුමි, චන්දිමාල් ඇතුළු කණ්ඩායම පසුව PCR පරීක්ෂණයකට භාජනය වූ අතර ඊයේ (15) ලැබුණු එම වාර්තා අනුව ඔවුන්ට වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු විය.

ඒ අනුව අද (16) දිනයේ ඔවුන්ගේ දින 14 ක නිරෝධායන කාල සීමාව අවසන් වන බව ද වාර්තා වේ.


RECENT ARTICLES - SINHALA

එන්නතකින් පසු තරුණියක් මියයෑමේ සිද්ධිය විමර්ශනයට විශේෂඥ කමිටුවක්

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී එන්නතක් විෂ වීමෙන් තරුණියක මියගියා යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය...

රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ...

අනුරාධපුර හිටපු සභාපතිගේ පුතා අයිස් සමඟ මාට්ටු

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. වසරක කාලයක...

POPULAR ARTICLES

වාහන ආනයනය ගැන දැනුම් දීමක්

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. ඔක්තොම්බර් මස පළමුවනදා සිට මෙම වාහන ගෙන්වීම ආරම්භ කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ,...

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත වෙයි

වසර 19ක කාලයක් වසා දමා තිබූ කොළඹ අරලියගහ මන්දිරය අසක මාර්ගයක් ඊයේ (04) සවස් කාලයේදී මහජනතාව සඳහා විවෘත කර තිබෙනවා. මෙසේ විවෘත කර ඇත්තේ ආර්....