26.2 C
Colombo
Thursday, November 14, 2024

විභාග ප්‍රශ්න පත්‍රයක තිබූ පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න ගැන පරීක්ෂණයක්

- Advertisement -

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්වීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මේ වනවිටත් ලබාදී ඇති බවයි. 

කළුතර දිස්ත්‍රික්කයේ පාසලක දෙවැනි වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ගතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ලේකම්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ සමාජය තුළ කතාබහට ලක්වී ඇති මෙම ප්‍රශ්න පත්‍රය, සකස් කර ඇත්තේ අදාළ පාසලෙන් ම බවත් ඒ සඳහා අමාත්‍යංශ මට්ටමින් හෝ වෙනත් ආයතනික මට්ටමකින් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අමාත්‍යංශ මට්ටමින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය අදාළ නිවේදනයෙන් මඟින් පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES