26.2 C
Colombo
Thursday, November 14, 2024

සුජීවගේ ජීප් රථය ගැන අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක නීතිඥ සුජීව සේනසිංහට අයත් එකලස් කළ වාහනයක් බවට විමර්ශන කරන කලු පැහැති V8 වර්ගයේ වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (12) නියෝග කළා.

එම වාහනය එකලස් කළ බවට ලද තොරතුරක් මත සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රශ්නගත වාහනය වැඩිදුර පරීක්ෂාවට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත් ඊට අදාළ වාර්තාව ලැබෙන තෙක් අධිකරණය බාරයට ගන්නා ලෙසත් මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබෙනවා.

එම වාහනය අධිකරණයේ ගාල් කර තැබීමට ඉඩ නොමැති බැවින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

වාහනය රුපියල් මිලියන 100 ආසන්න වටිනාමකින් යුක්ත වාහනයක් බවත් එහි වර්ණයට දැඩි අලාභ සිදුව ඇති බවත් එම අලාභය කෝටි ගණනක් බවත් සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියා.

”මෙම වාහනය කිසිසේත් එකලස් කර නැහෑ. සියයට සියයක් ස්ථිර යි, මෙම වාහනය තම සේවා දායතයා වෙත මුදා හරින්න” යැයි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ රජයේ රස පරීක්ෂකවරයා ගේ වාර්තාව ලැබෙන තෙක් වාහනය මුදා හැරීමට විරුද්ධ බවයි.


RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES