26.2 C
Colombo
Thursday, November 14, 2024

ජන අරගල අපෙක්ෂිකාවට සහ සැමියාට ඇප

- Advertisement -

බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තා.

හඳුනා ගැනීමේ පෙරටුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවති අතර සැකකරුවන් සිව් දෙනා ලබන 18දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඔහුගේ සැමියා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වනු ලබන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාව සහ ඇයගේ සැමියා වන ඇතුලත් මුදලිගේ චමින්ද පුෂ්පකුමාර යන සැකකරුවන්.

කොළඹ දිස්ත්‍රික්කය පදිංචි සුදාරක දේවප්‍රිය,මොහොමඩ් සාදිප් යුෂුප්,රාජපක්ෂගේ අශේන් හසරංග,දිමුතු එරංග යන සැකකරුවන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ලද වෛද්‍යවරයෙකු කරන ලද පැමිණිල්ලක් අනුව බම්බලපිටිය පොලිසිය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ.

ජාවාරම්කරුවන් විසින් කොල්ල කන මුදල් එම අවස්ථාවේදීම ගල්කිස්ස ලිපිනයේ පදිංචි සැකකාරියගේ බැංකු ගිණුමට බැර කළ ඇති බවට තොරතුරු අනාවරණය වූ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

අන්තර්ජාල යෙදවුමක් හරහා (ඇප් එකක්) බම්බලපිටියේ කුලියට ගත් නිවසක් තුළ මෙම සම්බාන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත්, අන්තර්ජාලය යෙදූම ඔස්සේ වේලාවන් වෙන්කරගෙන සේවා සපයා ගැනීමට එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයා බිය ගන්වා රුපියල් ලක්ෂ දහයක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කොල්ලකෑම සහ සන්තකයේ තිබූ රුපියල් 15000 මුදලක් කොල්ලකෑම සිදු කළ සැකකරුවන් හතර දෙනාට අනුබල දීම සම්බන්ධයෙන් මෙම අපේක්ෂිකාව සහ සැමියා අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය සැකකරුවන් දෙදෙනකුට ඇප නියම කර සෙසු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර විමර්ශන ප්‍රගතිය ලබන 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළා.


RECENT ARTICLES - SINHALA

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

අපි පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්නවා – හරිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අද (14) මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන්...

POPULAR ARTICLES