26.2 C
Colombo
Thursday, November 14, 2024

මත්පැන් නිසා දෙදෙනෙකු මරුට

- Advertisement -

නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වනවා.

ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක් පුද්ගලයන් දෙදෙනා බරපතළ තත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි.

පිටිගල පොලිස් වසමේ මත්තක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් 4 දෙනෙකු පෙරේදා  (11) රාත්‍රියේ මෙලෙස අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

එහිදී 60 හැවිරිදි පුද්ගලයෙක් සහ 76 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

බරපතළ තත්වයෙන් පසුවන 64 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර ඇති අතර මත්පැන් බෝතලය ගෙනැවින් ඇත්තේ ද ඔහුයි.

අනෙක් පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රතිඵල ඇවිත් සතියක් යන තෙක් පෙළපාලි තහනම්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සතියක් ගතවන තෙක් පෙළපාලි යෑම තහනම් බව පොලීසිය දැනුම්දෙනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

රත්නපුර – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,776 - 79.4%සමගි ජන බලවේගය - 2,969- 9.51%නව...

ගාල්ල – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32296සමගි ජන බලවේගය - 3523නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -...

POPULAR ARTICLES