ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්රදේශයේදී අද (13) රාත්රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ 03වන අදියර, බඩෝවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එලෙස මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරනවා.
කෙසේවෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
පොලීසිය සඳහන් කළේ 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.