24 C
Colombo
Friday, November 15, 2024

මැතිවරණය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක්

- Advertisement -

නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කරන එස්.සතිස් මහතාටයි.

මෙහිදී අදාළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් හිසට පහර දී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (14) ඇතුළත් කර තිබෙනවා.

මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සතිස් කුමාර් මහතා පවසන්නේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේදී අද (14) දින පස්වරුවේ බිමත්ව තමන් පිටුපසින් පැමිණි පුද්ගලයෙකු අසල වෙලදසැලකින් පිහියක් රැගෙන තමාගේ හිසට පහර දුන් බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපෙක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සතිස් මහතා තවදුරටත් පවසා තිබෙනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

කොළඹ – බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මෙන්න

කොළඹ  දිස්ත්‍රික්කයේ බොරැල්ල ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 24,318සමගි ජන බලවේගය - 9,246නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  - 1,654ශ්‍රී...

ගාල්ල – කරන්දෙණිය නිල ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 35,787සමගි ජන බලවේගය - 6,649ශ්‍රී...

වන්නි නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

2024 මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 4,371ඉලංකෙයි තමිල් අසුරු කච්චි - 2,349සමගි...

POPULAR ARTICLES