මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණයට සුබපැතීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.
සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කරනවා.
එහි සඳහන්ව ඇත්තේ අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බවයි.
දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවද ඉන්දියාව තවදුරටත් අවධාරණය කර තිබෙනවා.