30 C
Colombo
Saturday, November 16, 2024

පශ්චාත් මැතිවරණ සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

- Advertisement -

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙනවා.

ඒ අනුව, එම කාලය තුළද , සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවයි.

“දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකරන්න බැහැ. ඒ නිසා මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙනවා. තවදුරටත් දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරනවා. බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් තුළ විශේෂ ආරක්ෂාවක් සපයනවා.”

මේ අතර, මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, අපේක්ෂකයින් 18 දෙනෙකු ද, ඒ අතර වන බවයි.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 147ක්.

RECENT ARTICLES - SINHALA

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක ප්‍රථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවූ...

ආපහු පාර්ලිමේන්තු එන නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ...

මහ ඡන්දෙන් වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින් 5 දෙනා මෙන්න

මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප වාර්තාවට හිමිකම් කීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් සමත් වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES