31 C
Colombo
Saturday, November 16, 2024

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

- Advertisement -

10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය එළඹෙන 21 වැනිදා පෙරවරු 10ට පැවැත්වීමට නියමිත බව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සැප්තැම්බර් මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුවයි නව සභා වරයා සඳහා පාර්ලිමේන්තුව නැවත රැස්වන්නේ.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන අතර, ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකියාව තිබෙනවා.

සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙන අතර, පසුව කතානායකවරයා දිවුරුම් දෙනවා.

ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත්කර ගැනෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන්.

RECENT ARTICLES - SINHALA

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන එක්ලක්ෂ 45,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින්...

මම ලේසියෙන් දේශපාලනෙන් සමුගන්නෙ නැහැ – මහින්ද

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය හොද බවත් ඔවුනට රටේ පාලනය කරගෙන යාමට හැකි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රටේ ජනතාව ලබා දුන් ජනතා මතයට ගරු...

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීමක්

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ කියා...

POPULAR ARTICLES