10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
නව පාර්ලිමේන්තුවක් පත්වෙන අවස්ථාවල මෙලෙස වැඩමුළුවක් පැවැත්වීම සිදු වෙනවා.
එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී පැවැත්වෙනවා.
ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව තිබෙනවා.
නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසම්මේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.
අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන තිබෙනවා
නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.
එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.