බලහත්කාරයෙන් නිවසකට ඇතුළුවී කාමරයේ දොර කඩා එහි සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සාලියවැව ප්රදේශයෙන් වාර්තා වනවා.
මෙම සිදුවිම සිදුව තිබුණේ ඊයේ (15) අලුයම් කාලයේ සාලියවැව පොලිස් වසමේ යාය 07 ප්රදේශයේ දීයි.
නිවසට ඇතුළුවූ සැකකරුවන් අදාළ පුද්ගලයාට පොලුවලින් පහරදී ඝාතනය සිදුකර තිබෙන බවට පැවසෙනවා.
එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙක්.
පෙරේදා (14) රාත්රියේ පැවති මත්පැන් සාදයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම සාදයේ සිටි දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 23 හා 24 වයස්වල පසුවන සාලියවැව ප්රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
සාලියවැව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකනවා.