ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කරනවා.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා ගත හැකි වූයේ 3.41%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අමතරව පොදු ජන පෙරමුණට මහජන ඡන්දයෙන් මන්ත්‍රී ධූර දෙකක් හිමි වුණා.
ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ ඩී.වී චානක මහතාට සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ චානක මදුගොඩ මහතාටයි.