25 C
Colombo
Saturday, November 16, 2024

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

- Advertisement -

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ හුංගම වේල්ල හරහා ගලා බසින කච්චිගල් ආර උතුරා යෑම හේතුවෙන් අදාළ ප්‍රදේශය මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.

පසුගියදා ඇඹිලිපිටිය ආසන්න ප්‍රදේශවලට ඇද හැලුනු තද වැසි මෙම ජල ගැලීම් තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසන්නේ මහවැලි කලාපයේ ජලය පහත්බිම් වලට ගලා යාම ද මෙලෙස  ජලය පිටාර ගැලීම ද තවත් හේතුවක් බවයි

මේ අතර අදාළ ප්‍රදේශය ආසන්නයේ පහත්බිම්වල පිහිටා ඇති කුඹුරු ද ජලයෙන් යටවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES