25 C
Colombo
Sunday, November 17, 2024

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට නම් කළ හැකි අය ගැන පැහැදිලි කිරීමක්

- Advertisement -

මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාවට කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි.

ඔහු තවදුරටත් අවධාරණය කළේ ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ඇති පුද්ගලයන්ගෙන් හෝ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර කළ ජයනොගත් අපේක්ෂකයින්ගෙන් පමණක් මෙම පත් කිරීම සිදු කළ හැකි බවයි.

ඉන් බැහැරව කිසිදු අයෙකුගේ නමක් මන්ත්‍රී ධූරයක් සඳහා ගැසට් කිරීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES