මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගය ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර තිබුණා.
එහි දැක්වෙන්නේ මෙරට ජනතාවට දුන් පොරොන්දු මත පිහිටා තම ධුර කාලය සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇතිබවට තමන් විශ්වාස කරන බවයි.
පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් කඩ කළ ආකාරය අමතක නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය මඟින් වත්මන් රජයට සිහිපත් කර දී තිබෙනවා.