30 C
Colombo
Sunday, November 17, 2024

ලැබුණු බලය අවභාවිතා කරන්න එපා – සජිත්

- Advertisement -

මහ මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සුබ පැතුම් එක්කරන බව පවසමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලාංකීය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම්ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී ඇති බවයි.

එමගින් රටක් ලෙස මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදා වී තිබෙන බවත් එහි සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ තම ධුර කාලය තුළ සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝග ලෙස ඔවුන් වටහාගෙන ඇති බවට විශ්වාස කරන බවයි.

එමගින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසටම ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩ නැගීමට හැකියාව උදාවේවායැයි ප්‍රාර්ථනා කරන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුවක් වෙනුවෙන් උපරිම සහය ලබාදීමට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස සිය නිවේදනය මගින් අවධාරණය කර සිටිනවා.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක එදා විපක්ෂ දේශපාලනඥයකු ලෙස ප්‍රකාශ කළ පරිදිම පැවති දේශපාලන බලවේග තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙසද එම නිවේදනය මගින් වත්මන් රජයටද සිහිපත් කර තිබෙනවා.

මෙම තීරණාත්මක මැතිවරණයේදී සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 19 ලක්ෂ 68,716 ක් ලබාදී පාර්ලිමේන්තු ආසන 40ක් දිනා දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති, වැඩ පිළිවෙළ සහ නායකත්වය විශ්වාස කළ ජනතාවටත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දුන් සියලු පාර්ශ්වයන්ටත් සමගි ජන සන්ධානය ස්තූතිය පල කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES