ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි.
ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.