ඉන්දියාව සහ යාපනය – කන්කසන්තුරේ මගී යාත්රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එලෙස අත්හිටු වීමට පියවර ගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත්, දෙසැම්බර් 18 වනදාට පෙර කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් එම යාත්රා සේවාව යළි ආරම්භ කිරීමටයි ශිවගංගි නැව් සමාගමේ තීරණය කර ඇත්තේ.