32 C
Colombo
Monday, November 18, 2024

ශ්‍රී ලන්කන් ගුවන් යානා කිහිපයක තාක්ෂණික දෝෂ

- Advertisement -

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානා කිහිපයක ඇති වු තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

ගුවන් යානා 3ක් තාක්ෂණික දෝෂවලට ලක්වීම නිසා, ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම්වලට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගයීම් පරීක්ෂා කිරීමකට ලක්කෙරෙන අතර, එහිදී ඇතැම් ගුවන් යානාවල සිදුකළ යුතු අත්‍යවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සඳහා තරමක කාලයක් ගත වන බවත්, ඒ අනුව මෙම ගුවන් යානා 3 එම තාක්ෂණික නඩත්තු කටයුතු සඳහා යොමු කර තිබෙ බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ඊයේ (17) රාත්‍රී 06.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 124 ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

මීට අමතරව රාත්‍රී 10.10ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරන ගුවන් ගමන සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට රාත්‍රී 10.20ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබුණා.

මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, මෙම ගුවන් යානාවලින් ගමන් පහසුකම් සලසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන්, වෙනත් විකල්ප ගුවන් යානා මඟින්, එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබූ බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking : සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා...

සහල් හිඟය උග්‍ර වෙලා?

දිවයිනේ සහල් හිඟය උතසන්න වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වන බව 'අරුණ' පුවත්පත වාර්තා කරනවා. එම පුවත්පත සදහන් කරන්නේ, නාඩු ඇතුළි සහල් වර්ග රැසක...

Breaking: ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අධිකරණ නියෝගයක්

පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය...

POPULAR ARTICLES