32 C
Colombo
Monday, November 18, 2024

අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමයෙන් අනතුරු ඇගවීමක්

- Advertisement -

සහල් ප්‍රශ්නය විසඳීමට නම් මාස දෙකකට ප්‍රමාණවත් තරම් සහල් ආනයනය කරන්නැයි සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ, අතලොස්සක් වූ සහල් ව්‍යාපාරිකයින් ආරක්ෂා කරනවා වෙනුවට රජය ජනතාව ගැන සිතිය යුතු බවයි.

මේ අතර, වෙළෙඳපොළේ අද වන විට සුදු කැකුළු සහල් හිඟයක් ඇති වී තිබෙනවා.

එම තත්ත්වය සමග ඇතැම් සුපිරි වෙළෙඳසැල් සුදු කැකුළු සහල් අලෙවි කිරීමද සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, දිනකට සහල් කිලෝ 03කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම ඇතැම් වෙළෙඳසැල් සහල් අලෙවි කිරීමේදී මුදලට පමණක් සහල් අලෙවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රවී පත් කරලා තියෙන්නේ හොර පාරෙන් – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව...

සුජීවගේ ජීප් රිය ගැන රස පරීක්ෂකට සිහි කැඳවීමක්

නීතිවිරෝධීව එකලස් කළ බවට චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක...

Breaking : සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී මෙන්න

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් ශර්මිලා...

POPULAR ARTICLES