31 C
Colombo
Monday, November 18, 2024

ජනපති මංගල සැසිය අමතන දිනය මෙන්න

- Advertisement -

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතයි.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පවසනවා.

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත් කරගැනීම, මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඇතුළු කටයුතු සිදු කරනු ලබනවා.

සෙංකෝලය සභා පාර්ලිමේන්තුව රැස්වන දිනය හා වේලාව නියම කරමින් ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනය මහලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්ය ලෙස ඉදිරිපත් කෙරුණු ලබනවා.

RECENT ARTICLES - SINHALA

හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තා. ඒ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නව රජයේ 21...

විජිත වැඩ භාරගනියි

විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. විජිත හේරත් මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්...

පරණ කැබිනට් එකෙන් ඉතුරු වුණේ එක්කෙනයි

පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් විසි දෙදෙනාගෙන් අමාත්‍යවරුන් 21 ක් දෙනෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ගෙදර ගොස් තිබෙනවා. ඒ අනුව පැරණි කැබිනට්...

POPULAR ARTICLES