31 C
Colombo
Monday, November 18, 2024

පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් මැතිසබයට

- Advertisement -

පාර්ලිමේන්තු ඉතිහාසය අලුත් කරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් සිය ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පත් කිරීමට ජාතික ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.

එලෙස පත් කෙරෙන්නේ දෘශ්‍යාබාධිත කවුන්සිලයේ සභාපති වසන්ත ද සිල්වා යි.

දස හැවිරිදි වියෙහි පසුවන විට ඔහුගේ දෑස් අන්ධ වී ඇත්තේ ඔහුගේ බලපිටිය වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර‍යි.

සිය දෑස් අන්ධ වීමෙන් පසු රත්මලාන අන්ධ වීදුහලට ඇතුළත් වී ඇති සුගත් වසන්ත ද සිල්වා එහිදී සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වී ත්බෙනවා.

පසුව, උසස් පෙළ විභාගය සඳහා සුගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට ඇතුළත් වී තිබෙනවා.

උසස් පෙළ විභාගයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ඔහු එහිදී ඉතිහාසය විශේෂවේදී විෂයයක් ලෙස හදාරමින් පළමු පන්තියේ උපාධි සාමර්ථයක් ලබා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා – විමල්

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මිය ගිහින්

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය පවසනවා. අනතුරින්...

නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන දිනය

නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා (21) සිදුකෙරෙනු ඇති බව වාර්තා වෙනවා. එළඹෙන 21 දින පෙරවරුවේ නව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු...

POPULAR ARTICLES