31 C
Colombo
Monday, November 18, 2024

සහල් හිඟය උග්‍ර වෙලා?

- Advertisement -

දිවයිනේ සහල් හිඟය උතසන්න වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වන බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරනවා.

එම පුවත්පත සදහන් කරන්නේ, නාඩු ඇතුළි සහල් වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් ඇතැම් සුපිරි වෙළෙඳසැල්වලින් පාරොභීගික ජනතාඣට නිකුත් කරන සහල් ප්‍රමාණය සීමා කර තිබෙන බවයි.

මේ අනුව, ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් එක් බිල්පතකට නිකුත් කරන සහල් ප්‍රමාණය සහල් කිලෝග්‍රෑම් 3ක් දක්වා සීමාකර තිබෙනවා.

පවතින සහල් හිඟය හේතුවෙන් ගොවීන් බොහෝ දෙනෙකු තමන් සතු වී තොග වෙළෙඳපොළට අලෙවි නොකර සිය ආහාර අවශ්‍යතාව සඳහා ළඟ තබාගෙන සිටින් බවද වාර්තා වනවා.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට සහල් නිකුත් කරන බවට ජනාධිපතිවරයාට පසුගියදා පොරොන්දු වුවද, ඔවුන් වෙළෙඳ පොළට සහල් නිකුත් කිරීම සීමා කර ඇතැයිද තොරතුරු වාර්තා වනවා.

2024/25 මහ කන්නයේ සහල් පළමු අස්වනු තොගය නෙළීමට නියමිතව ඇත්තේ ලබන වසරේ (2005) ජනවාරි පක්ෂි මාසයේ මැද සතියේදීයි.

නැගෙනහිර, අක්කරෙයිපත්තුව ආදී ප්‍රදේශවලින් එම අස්වනු නෙළීමට නියමිතයි.

මහ කන්නයේ සමස්ථ අස්වැන්නෙන් 8% පමණ ප්‍රතිශතයක් මෙම ප්‍රදේශවලින් නෙළීමට නියමිතයි.

රජය පසුගිය දිනවල කියා සිටියේ, වී අලෙවි මණ්ඩලය හරහාද මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මණ්ඩලය සතු ගබඩාවලින් 100ක් පමණ වසර ගණනාවකින් අලුත්වැඩියා කර නොතිබීම නිසා අබලන් තත්ත්වයේ පවතින බවටද තොරතුරු අනාවරණය වනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා – විමල්

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මිය ගිහින්

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය පවසනවා. අනතුරින්...

නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙන දිනය

නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා (21) සිදුකෙරෙනු ඇති බව වාර්තා වෙනවා. එළඹෙන 21 දින පෙරවරුවේ නව පාර්ලිමේන්තුව රැස්වෙන අතර එම පාර්ලිමේන්තු...

POPULAR ARTICLES