නීතිවිරෝධීව එකලස් කළ බවට චෝදනා එල්ල වී ඇති සුජීව සේනසිංහ මහතාගේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (18) අධිකරණයට ලැබී නොමැති බව වාර්තා වෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.
එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ කළේ මෙම වාහනය සම්බන්ධයෙන් සෙට්ටිකුලම අධිකරණයේ නඩුවක් විභාග වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර දිනයේ කරුණු දක්වා ඇතත් එම නඩුව මේ වනවිටත් අවසන් වී ඇති බවයි.
ඒ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන මෙම ප්‍රශ්නගත වාහනය සුජීව සේනසිංහ මහතාට නිදහස් කරන ලෙසද එහිදී ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කර තිබෙනවා
කෙසේවෙතත්, කරුණු සලකාබැලීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් ලබන 25 වනදා සිද්ධිය සම්බන්ධ නඩුකරය නැවත කැඳවීමට කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.