31 C
Colombo
Monday, November 18, 2024

රවී පත් කරලා තියෙන්නේ හොර පාරෙන් – රනිල්

- Advertisement -

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බවයි පවසන්නේ.

රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි ද හිටපු රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

හෙට පැය අටක ජල කප්පාදුවක්

0
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය...

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා – විමල්

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES