රුපියල් ලක්ෂ 83 කට ආසන්න වටිනාකමින් යුතු වෑන් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ ඕපෙවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මස්කෙළිය පොලිස් වසමේදී, හැටන් කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව, පසුගියදා (16) උදෑසන කහවත්ත පොලිස් වසමේ ඕපෙවත්ත ප්රදේශයේදී මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
සැකකරුගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම් අනුව, සොරකම් කරන ලද වෑන් රථය වව්නියාව ප්රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බවද පොලීසිය පවසනවා.
හැටන් කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය හා මස්කෙළිය පොලිසිය වැඩිදුර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.