25 C
Colombo
Monday, November 18, 2024

පරණ කැබිනට් එකෙන් ඉතුරු වුණේ එක්කෙනයි

- Advertisement -

පසුගිය රනිල් වික්‍රමසිංහ රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් විසි දෙදෙනාගෙන් අමාත්‍යවරුන් 21 ක් දෙනෙක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ගෙදර ගොස් තිබෙනවා.

ඒ අනුව පැරණි කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටියා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඔහුගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත්ව තිබුණේ නැහැ.

එවක කැබිනට් මණ්ඩලයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස් යන අයද මෙවර මහමැතිවරණයට තරඟ කළේ නැහැ.

පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ජයග්‍රහණය කර ඇත්තේ චාමර සම්පත් දසනායක, ඩී.වී. චානක, අනුරාධ ජයරත්න, කාදර් මස්තාන් යන අය පමණයි.

රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, රෝහණ දිසානායක, ඉන්දික අනුරුද්ධ, දිලුම් අමුණුගම, සිරිපාල ගම්ලත්, ශාන්ත බණ්ඩාර, කනක හේරත්, තේනුක විදානගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු, තාරක බාලසූරිය, ශෂීන්ද්‍ර රාජපක්ෂ, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, ඩී.බී. හේරත්, ශිවනේශතුරේ චන්ද්‍රකාන්තන්, අශෝක ප්‍රියන්ත, අරවින්ද කුමාර්, ප්‍රේමලාල් ජයසේකර, අනූප පැස්කුවල් පරාජයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනා වනවා.

රාජ්‍ය ඇමතිකම් දැරූ ලොහාන් රත්වත්තේ, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල, ජගත් පුෂ්පකුමාර, එස්. වියලේන්දිරෙන් සහ විජිත බේරුගොඩ යන අයද මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ.

RECENT ARTICLES - SINHALA

ජනපති හා IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා. X පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

නායගිය පස්සර – බිබිල මාර්ගය ගැන දැනුම්දීමක්

පස්සර - බිබිල ප්‍රධාන මාර්ගය, පස්සර 13 කණුව ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් අද (18) අලුයම 3.00 පමණ සිට එහි වාහන ගමනා ගමනය ඇණහිට තිබෙනවා. අද...

හෙට පැය අටක ජල කප්පාදුවක්

0
අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

POPULAR ARTICLES