26.9 C
Colombo
Monday, November 18, 2024

අලිරාජාගේ ව්‍යාපෘතිය පරාජය වුණා

- Advertisement -

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 120ක් වැය කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලබා ගැනීමේ ලයිකා මොබයිල් හිමිකරු අලිරාජා සුභාෂ්කරන්ගේ කුමන්ත්‍රණය ජනතාව විසින් පරාජය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඊයේ (17) සඳහන් කළා.

මුදලට දේශපාලන පක්ෂ මිලදී ගනිමින් තමන්ට අවශ්‍ය පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම සඳහා 2014 වසරේ සිට අලි රාජා සුභාෂ්කරන් දියත් කරමින් තිබූ වැඩපිළිවෙල ඔවුන්ගේ කිසිදු නියෝජිතයකු පාර්ලිමේන්තුවට නොයවා ජනතාව විසින් පරාජය කර ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති නීතිවේදී ආචාර්ය මොහාන් පෙරේරා පවසනවා.

ලයිකා මොබයිල් හි හිමිකරු අලිරාජා සුභාශ්කරන් විසින් දියත් කළ බෙදුම්වාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණය පැරදවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ සභාපති මොහොන් පෙරේරා වැඩිදුරටත් පළකල අදහස්:

” පසුගිය මහ මැතිවරණයේදී අලිරාජා සුභාෂ්කරන් විවිධ පක්ෂවලට යම් යම් අපේක්ෂකයන්ට සහ යම් කාරණා වලට රුපියල් කෝටි 120ක මුදලක් ලබා දී තිබෙනවා.අපේ පක්ෂයත් අලිරාජා මිලදී ගන්න හැදුවා. නමුත් අපි එම කුමන්ත්‍රණයට අහුවුණේ නැහැ. ජනතාවගේ ජනමතය විකෘති කරනවාට අපි කැමති නැහැ.රටේ ඒකීයභාවයට අලි රාජාගේ ක්‍රියා කලාපය මරු පහරක් අලි රාජගෙන් කෝටි 120ක කුමන්ත්‍රණය නැති කිරීමට මට වැය වුණේ රුපියල් ලක්ෂ 6ක් පමණයි. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අලි රාජාට විකුණන්න එපා කියලා. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය කියන්නේ රාජ්‍ය සේවකයින් බහුතරයකගේ දත්ත තිබෙන ස්ථානයක්. ටෙලිකොම් එකට අලි රාජා ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසයි. අනිරාජා වගේ හොරුන්ට අහුවෙන්න එපා කියලා බහුතර බලයක් ලැබුණු ජනාධිපති අනුර කුමාර ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා.”

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද...

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන...

POPULAR ARTICLES