26.9 C
Colombo
Tuesday, November 19, 2024

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ මෙහෙම

- Advertisement -

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන නොවැම්බර් 21 වන දින පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එහි උත්සව කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වු කුෂානි රෝහණදීර මහත්මිය,

“පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග උත්තමාචාර වෙඩිමුර සමග ජයමංගල ගාථා ගැයීම සම්ප්‍රදායයි. නමුත් මෙහිදී ඉතා චාම්ව මේ උත්සවය සිදු කිරීමට අපිට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාව පැළඳුම් කාමරයට කෙලින්ම කැඳවාගෙන යාමට නියමිතයි. විනාඩි කිහිපයක් එහි අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු පැළඳුම් කාමරයේ සිට එතුමාව පෙරහැරින් සභාගර්භය කරා කැඳවාගෙන යනවා. මූලාසනයේ වාඩි වෙලා තමයි ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිත වන්නේ.”

RECENT ARTICLES - SINHALA

වෛද්‍යවරයෙකුගේ මුදල් කොල්ලකෑ සැකකරුවන්ට දුන් නියෝගය

බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද...

අර්බුද මැද රවීගේ නම ගැසට් කරලා

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර තිබෙනවා මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. මීට අමතරව...

අපි කවුරුත් දන්නේ නැහැ – වජිර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව...

POPULAR ARTICLES