බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකදී වෛද්‍යවරයෙකු බියගන්වා ඔහුගේ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් සිව්දෙනා රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා බම්බලපිටිය පොලීසියට අද (18) නියෝග කර තිබෙනවා.
වෛද්‍යවරයා අදාළ සම්බාහන ආයතනයට සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී ඔහු බියගන්වා රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් මාර්ගගත ක්‍රමය ඔස්සේ බැංකු ගිණුමක් වෙත සැකකරුවන් බැරකරගෙන තිබුණා.
බම්බලපිටිය පොලීසියේ සැරයන් අජිත් කාරියවසම් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඔවුන් පරිහරණය කළ තුවා ඇතුළු ඇඳුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සඳහා ඔවුන් සිව්දෙනා හෙට (20) රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි.
ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් එහිදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනා නොවැම්බර් මස 12 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.