25.4 C
Colombo
Saturday, November 23, 2024

ඡන්දෙට ඉදිරිපත් වුණ සියලුම අපේක්ෂකයින්ට දැනුම්දීමක්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ලැබු සියලුම අපේක්ෂකයින් සිය මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් වියදම් වාර්තාව දෙසැම්බර් මස 6 වනදාට පෙර භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 06 වැනි වගන්තියට අනුව මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත මෙම වාර්තාව ලබා දිය යුතු වනවා.

එමෙන්ම පක්ෂය /කණ්ඩායම හා අපේක්ෂකයා වෙනුවෙන් ලබාදුන් දායකත්ව හෝ පරිත්‍යාග ද්‍රව්‍යමය වශයෙන් ලැබුනේ නම් ඒවායෙහි ඇස්තමේන්තු වටිනාකම, අදාළ දායකත්ව පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන්ද යන වග අදාළ වාර්තාවේ සටහන් කළයුතුයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ සියලු අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් මස 17 වැනිදා සිට ඒ ඒ තේරීම්භාර නිලධාරී කාර්යාලවලදී සහ මැතිවරණ කොමිෂන් සභාවේ රාජගිරිය ප්‍රධාන කාර්යාලයයේදී ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

එම වාර්තාවල තොරතුරු අසත්‍ය නම් එය තහවුරු කිරීමට හැකි ලේඛන සහිතව ඕනෑම ඡන්දදායකයෙකුට පොලිසියේ පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තණමල්විල සිදුවූ රිය අනතුරින් අයෙක් මරුට

තණමල්විල, උඩවලව මාර්ගයේ නයිවල ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ දී කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක, යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් පුද්ගලයෙක් මිය ගොස්...

IMF තුන්වන සමාලෝචනයේ නිල ප්‍රකාශය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා. තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික...

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

POPULAR ARTICLES