25 C
Colombo
Tuesday, November 19, 2024

හොර පාරෙන් ගත්ත මන්ත්‍රීකම නිසා රවීගේ ගෙදරට පොලිස් ආරක්ෂාව

- Advertisement -

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සභිකයින් නම් කිරීම මේ වනවිට අභ්‍යන්තර අර්බුදයක් දක්වා පැවතෙනවා.

ඒ, ඔවුන්ට හිමිවූ සීමිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා විශාල පිරිසක් කැමැත්තෙන් පසුවීම හේතුවෙන්.

ජාතික ලැයිස්තුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 2ක් සහ සමගි ජන බලවේගයට ආසන 5ක් හිමිවුණා.

ඊට අමතරව, සන්ධානගතව තරඟ කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායක මහතාගේ නම ඊයේ (18) රාත්‍රියේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළා.

පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි. 

ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි. 

එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණා.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවන් අද කොළඹදී රැස්වී රවී කරුණානායක මහතා නම් කර යැවීම ඇතුළු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

එවන් පසුබිමක මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රාත්‍රියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මේ අතර, රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවස අසළට අද පෙරවරුවේ ආරක්ෂාව යොදවා තිබෙන අයුරු දැකගත හැකිවුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මාතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කර – තේරී පත් නොවූ කංචන විජේසේකර මහතා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

මේ අතර, සමගි ජන බලවේගයද මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05 සඳහා කිසිවෙක් නම් කර නැහැ. 

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගය සමග පාර්ශ්ව රැසක් සන්ධානගතව තරග කළ අතර, එම පාර්ශ්වයන්ගෙන් කිහිප දෙනෙකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලා සිටීම හේතුවෙන් ඔවුන්ද මේ වනවිට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධ අර්බුදයකට මුහුණ පා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

අරගලයේදී ජනාධිපති මන්දිර මුදල් සිද්ධිය: ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා පෙත්සම විභාගයට අවසර ලබාදෙනවා

අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක්...

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ,...

රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත්...

POPULAR ARTICLES