24.9 C
Colombo
Friday, November 22, 2024

කංචනව හරි යවන්න බලනවා – දොලවත්ත

- Advertisement -

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා වු බව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (19) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ මල්පාරේ කාර්යාලයේ පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

එහිදී ඔහු කියා සිටියේ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ සිය කැමැතෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට අවශ්‍ය නොමැති බව කියා සිටි අතර එහිදී යෝජනා වී තිබුණේ තරුණ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුව සඳහා යායුතු බවයි.

එම අවස්ථාවේදී තරුණ බහුතරයක් පවසා සිටියේ කංචන විජේසේකරගේ නම බව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES