25 C
Colombo
Tuesday, November 19, 2024

DIG නාලකට එරෙහි විමර්ශනවලට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ඉකුත් යහපාලන ආණ්ඩුවේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ එවක ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කාර නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවත් කියා සිටියා.

ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ඔහුට උසස්වීම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.

ඒ අනුව පෙත්සම්කරුට අදාල සියලු පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සම පෙබරවාරි මස 28 වැනිදා කැඳවීමටද නියෝග කෙරුණා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ,...

රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත්...

රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස, රංජිත් මද්දුම බණ්ඩාර පත්කර තිබෙනවා. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

POPULAR ARTICLES