සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවේ අර්බුදයක්ද නැද්ද යන බවට සොයා ගැනීමට නොහැකි බවත් මෙහි අනුවාදයන් දෙකක් පවතින බවත් ආශු මාරසිංහ මහතා පවසනවා.
මාධ්‍යට අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා පැවසුවේ මෙය නොවිය යුතු දෙයක් ලෙස ඔහු දකිනා බවත් පක්ෂයෙන් සියලු දෙනා එකතු වී තීන්දු තීරණ ගැනීම නිවැරදි බවත්ය.
ඔහු පවසන්නේ, මෙම ගැටලුව ඉදිරියට ගෙන ගියහොත් අධිකරණය මගින් විසඳගන්නා ප්‍රශ්නයක් බවට පත්වීම කණගාටුදායක දෙයක් වන බවයි.
රවී කරුණානායක මහතා මෙවැනි දෙයක් සිදු නොකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කලත් සිදුවී ඇත්තේ විශ්වාසය කඩ කිරීමක් බව මාරසිංහ මහතා පෙන්වා දෙනවා.
ඒ මහතා පවසන්නේ, පක්ෂය අයිති රවී කරුණානායක මහතාට බවට ඔහු පවසන බවත් පක්ෂය යෝජනා කරන විට එකඟතාවයකට අනුව අනිවාර්‍යයෙන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඔහු ඉල්ලූ බවයි.
නමුත් නව ප්‍රජාත්‍රත්වාදී පෙරමුණෙන් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ලබාදීමට එකඟතාවයක් නොතිබුණු අතර සියල්ලන්ම එකතු වී තීන්දු තීරණ ගන්නා බවද ආශු මාරසිංහ මහතා පෙන්වා දෙනවා.
පක්ෂයට මෙවැනි තත්වයක් උද්ගත වීම අතිශයින් කණගාටුදායක බවයි මාරසිංහ මහතා පවසන්නේ.
මේ නිසා සමගි ජනබලවේගය පක්ෂය විසුරුවා හෝ සාකච්ඡා පවත්වා එක්සත් ජාතික පක්ෂය සෑදීමට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගෙන් නැවතත් ඉල්ලීමක් කරන බව ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය මහ මැතිවරණයෙන් ඒ ඒ දේශපාලන පක්ෂවලට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නියෝජිතයින් නම් කිරීම අර්බුදයකට ලක්ව ඇත්තේ ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණයට තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ සමගි ජන බලවේගයේයි.
ඊයේ දිනයේදී එම අර්බුදය උත්සන්න වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ මහලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව යොමු කිරීමත් සමගයි.
එහෙත් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යොමුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල සහ තමාගේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයකට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණා.