25 C
Colombo
Tuesday, November 19, 2024

දෘශ්‍යාබාධිත මන්ත්‍රීට පාර්ලිමේන්තුවේ පහසුකම් ලැබෙන්නේ මෙහෙමයි

- Advertisement -

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී ඇති, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති, සුගත් වසන්ත ද සිල්වා මහතා වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නේ මන්ත්‍රීවරයාට ආසන පැනවීමේ සිට සභා ගර්භයට පිවිසෙන අවස්ථාවේ සිට ඡන්දය භාවිත කිරීම දක්වා සියලු කටයුතු සංවිධාන කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සුගත් වසන්තද සිල්වා මහතාට ආසන පැනවීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින ස්ථානයේ සිට සභාගර්භයට පිවිසෙන ළඟම ආසනය වෙන් කිරීමටයි කටයුතු කර තිබෙනවා.

ඡන්දය භාවිත කරන අවස්ථාවේදී ස්ථාවර නියෝගවලට අනුව ඔහුට කටහඬ භාවිත කරමින් සිය කැමැත්ත පළ කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම, සියලු ලිපි ලේඛන බේල් ක්‍රමය යටතේ ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටද නියමිතව බව සඳහන්.

තවද, මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවශ්‍ය කටයුතු කර දීම සඳහා ද නිලධාරියෙක් පත් කර තිබෙනවා.

එම නිලධාරියා එදින පුරාවට ඔහුගේ සියලු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සහය වනු ඇති.

සභා ගර්භය තුළදී මතුවන අවශ්‍යතා ඉටු කරදීමට පාර්ලිමේන්තු සේවා සහයකන් සිටින බව ද මහලේකම්වරිය අවධාරණය කළා.

කාරක සභාවලට සහභාගී වන අවස්ථාවේදී ද ඊට අදාළ සියලු පහසුකම් ලබාදීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ,...

රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත්...

රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස, රංජිත් මද්දුම බණ්ඩාර පත්කර තිබෙනවා. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

POPULAR ARTICLES