උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා.
මේ හේතුවෙන් අද රාත්රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත කොළඹ කොටුව රාත්රී තැපැල් දුම්රිය පැය දෙකක් පමණ ප්රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරනවා.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ එන්ජිම පීලි පැනීමට ලක් වී ඇති බවත් පීලි පැනීම ගත කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බවත් දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මේ අතර කොළඹ කොටුවෙන් රාත්රී 8.30 ට පිටත් වීමට නියමිත බදුල්ල රාත්රී තැපැල් දුම්රිය නියමිත වේලාවට පිටත් කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.