25 C
Colombo
Tuesday, November 19, 2024

උසස් පෙළ විභාගය ගැන නිවේදනයක්

- Advertisement -

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් එම කටයුතු සිදුකිරීම තහනම් බවයි.

මෙම කාලය තුළ උපකාරක පංති පැවැත්වීම, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය පැවැත්වීමට අමතරව විභාගය සදහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්,අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබාගැනීම ද තහනම්.

කිසියම් තැනැත්තෙකු, ආයතනයක් හෝ යම් පාර්ශවයක් මෙම නියෝග කඩකරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ හැකි බව ද විභාග කොමාසරිස් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 25 වනදා සිට දෙසැම්බර් 20 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන 22 වන සිකුරාදා රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබාදෙන අතර යළි පාසල් 2025 වසරේ ජනවාරි මස පළමු වනදා ආරම්භ කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අරගලයේදී ජනාධිපති මන්දිර මුදල් සිද්ධිය: ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා පෙත්සම විභාගයට අවසර ලබාදෙනවා

අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක්...

රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයක්

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද (19) සවස දුම්රියක් පීලි පැනීමට ලක්වුණා. මේ හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත්...

රංජිත් මද්දුම බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස, රංජිත් මද්දුම බණ්ඩාර පත්කර තිබෙනවා. මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කළ බවයි.

POPULAR ARTICLES