29 C
Colombo
Wednesday, November 20, 2024

කෝටි හතේ කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු

- Advertisement -

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකුගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ උදෑසන මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මලු කිහිපයක්ද රැගෙනයි.

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවා.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් හත් කෝටි 13 ලක්ෂ 27,296ක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදලද රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණා.

අනතුරුව ඔහු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැරදමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් ඇති අතර එය සීසීටීවී කැමරාවක සටහන්ව තිබු බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ගොල්ෆ් පිටියේ වසර 100කට වඩා පැරණි ගස් 50ක් කපන්න තීරණයක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ගස් කිහිපයක් විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන්...

සුජීවගේ සැප වාහනේ ගැන කියන්න රංගා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ මහතාගේ V8 රථය...

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිඩා අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක්  මිලදී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා...

POPULAR ARTICLES