30 C
Colombo
Wednesday, November 20, 2024

රවිගේ මන්ත්‍රී පුටුව ගැන රනිල්ට ඉල්ලීමක්

- Advertisement -

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවි කරුණානායකගේ නම නම් කිරීම සම්බන්ධකයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ආචාර්ය ලසන්ත ගුණවර්ධන ඉල්ලා සිටියා.

එම ලිපිය මගින් දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රවි කරුණානායක විසින් නිසි ක්‍රමවේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය බලවත් ලෙස පක්ෂ ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ආචාර්ය ලසන්ත ගුණවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට හෙට (21) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව...

අලුත් පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට (21) ආරම්භ වීමට නියමිතයි. කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරෙනවා. ඒ අනුව, 10...

සැමියගෙන් බේරෙන්න ගිය බිරිඳ ගොඩනැගිල්ලෙන් වැටිලා

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ, මාතර - වැලිගම...

POPULAR ARTICLES