30 C
Colombo
Wednesday, November 20, 2024

යන එන මං නැති මැදගොඩ අභයතිස්සගෙන් බිල්ලෙක්

- Advertisement -

රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජාතික මතවාදයේ සිටින පිරිසට වර්තමානයේදී අභියෝගයක් හෝ අර්බුදයක් නොමැති බවට මනසක් නිර්මාණය වී ඇති බවයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඊයේ (19) මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව සඳහන් කර තිබුණා.

“දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි. තිස් වසරක් මරාගත්තු ඒ වගේම යම් ආකාරයක ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ක්‍රියාකාරීත්වය අලුත් ජනාධිපති කෙනෙක් අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ඔවුන් හකුළාගනී කියලා. සතුරන්ට ඕන වුණේ පොහොසත් රටක්, සෞභාග්‍යමත් රටක් හදන්නද සතුරාට. ඒ නිසා සතුරාගේ ඉලක්කය තාමත් එලෙසින්ම තිබෙන බව පමණක් අපි අමතක නොකළ යුතුයි. සමහර විට වෙනස් ක්‍රියාන්විතයක් ඔස්සේ එන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම එය නොතකා හැරිය යුතු මෙතෙක් තිබූ ජාතික ව්‍යාපාරය අවශ්‍ය නෑ කියන තැනට එනවා නම් ඒ තරම් මෝඩ දෙයක් තවත් නෑ කියන එක අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි.” 

RECENT ARTICLES - SINHALA

ජුලම්පිටියේ අමරේට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව...

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කරන්න අනුමැතිය

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය...

නිකං ඉන්න එකේ මම කොමිටියක් දානවා – රනිල්

0
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක්...

POPULAR ARTICLES