27 C
Colombo
Wednesday, November 20, 2024

යාපනයේ හමුදා කඳවුරක් ඉවත් කරන්න අනුමැතිය

- Advertisement -

යුද්ධය පැවති සමයේ යාපනය කට් කෝවලම් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

අදාළ හමුදා කඳවුරු පිහිටි භූමිය සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් භුමියක් වන අතර කඳවුර ඉවත් කිරීමෙන් පසු එම භූමිය යළි එහි හිමිකරුවන් වෙත භාර දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එම ප්‍රදේශයේ සිවිල් පුරවැසියන් තිදෙනෙකුට අයත් අක්කර 7කට වැඩි භූමි ප්‍රමාණයක මෙම හමුදා කඳවුර ඉදි කර ඇති අතර මෙම භූමිය නැවත එහි හිමිකරුවන් වෙත භාර දීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම හමුදා කඳවුර ඉවත් කළ යුතු කඳවුරක් බවට හදුනාගෙන තිබූ අතර ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මෙම හමුදා කඳවුර ඉවත් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, හමුදා කඳවුර පිහිටි ඉඩම හිමි සිවිල් පුරවැසියන් තිදෙනාගෙන් එම ඉඩම නැවත ලබා දෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබී ඇති අතර, එහිදී ඔහු සඳහන් කළේ හිමිකාරීත්වය ඇති සිවිල් පුරවැසියන් ඉල්ලීම් කළ ද ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් පවතී නම් එම කඳවුර ඉවත් කිරීමට තීරණය නොගන්න බවයි.

එසේම ඒ සඳහා කිසිදු අධිකරණ නියෝගයක් හෝ වෙනත් බලපෑමක් නොමැති බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව, මේ වන විට එම කඳවුරේ සිටි සියලුම සෙබළුන්ට ඉවත් වන ලෙසට දැනුම් දී ඇති අතර මේ වන විට එහි රැඳි සිටින්නේ අදාළ ඉවත් කිරීම් වලට අදාළ හමුදා සෙබළුන් පමණක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, හමුදා කඳවුර පිහිටි භූමිය එහි හිමිකරුවන් වෙත නැවත භාර දෙන දිනය පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව ද ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

පාර්ලිමේන්තු තොරතුරු කවුලුව සාර්ථකයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින පැවති පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වුණ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනය කරනවා. පාර්ලිමේන්තු...

POPULAR ARTICLES