27 C
Colombo
Wednesday, November 20, 2024

හාල් හිඟයට හේතුව ගෝඨාගේ පරණ ගැසට් එකක් – හාල් නිෂ්පාදකයෝ

- Advertisement -

වෙළඳපොළ තුළ මේ වනවිට සහල් හිඟයක් නිර්මාණය වී ඇත්තේ වී හිඟයක් නිසා නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වෙළඳපොළ තුළ සහල් හිඟවීමට හේතුවී ඇත්තේ 2022 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ ගැසට් නිවේදනයක් මත වත්මන් රජයද තවදුරටත් කටයුතු කිරීම නිසා බවයි එහි සභාපති මුදිත් පෙරේරා මහතා පවසන්නේ.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, සහල් හිඟයට පිළියම වන්නේ සහල් ආනයනය කිරීම නොව වසර දෙකක් පරණ එම ගැසට් නිවේදනය යාවත්කාලීන කිරීම බවයි.

පසුගිය වසර දෙක තුළ වී කිලෝවක නිෂ්පාදන වියදම, සහල් කිලෝවක නිෂ්පාදන වියදම විශාල ප්‍රතිශතයකින් වෙනස්වී ඇති බවත් මෙම ගැසට් නිවේදනය යාවත්කාලීන කිරී​ම මඟින් සහල් අර්බුදය එක රැයින් අවසන් කළ හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

නාමල්ට ආයෙත් රණවිරු ගාය ඇවිත්

උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

POPULAR ARTICLES